අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර ක්‍රියාකාරකම් අගයමින් මාතර දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් 13789 ට පදක්කම්

    ජනවාරි 11, 2018

    මාතර දිස්ත්‍රික්කයේ පරිසර හිතකාමී ක්‍රියාකාරකම් වෙනුවෙන් දායකත්වය සැපයූ පාසල් දරු දැරියන් 13789 දෙනෙකු වෙනුවෙන් 2017 වර්ෂයේ පරිසර පදක්කම් පිරිනමා තිබේ.

    පාසල් අවධියේ සිටම පරිසර හිතකාමී ක්‍රියාකාරකම්වල යෙදීමටත්, පරිසර හිතකාමී ලෙස ජීවත්වීමටත් ශ්‍රී ලාංකේය දරු පරපුර හුරු කිරීමේ අරමුණින් පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ පාසල් ආශ්‍රිතව ක්‍රියාත්මක කළ පරිසර නියමු වැටසටහන හා පරිසර ළමා සමාජ වැඩසටහනට අදාළව මෙම පරිසර පදක්කම් පරිනමා ඇත.

    පරිසර නියමු වැඩසටහන මාතර දිස්ත්‍රික්කයේ පාසල් 168 ක ක්‍රියාත්මක වේ. ඊට අදාළව පරිසර නියමු පදක්කම් 4357 ක්, හරිත වර්ණ පදක්කම් 1059 ක්, රජත වර්ණ පදක්කම් 274 ක්, වර්ණ පදක්කම් 35 ක් හා ජනාධිපති පදක්කම් 02 ක් වශයෙන් පාසල් දරු දැරියන් 5727 දෙනෙකු සඳහා පදක්කම් ප්‍රදානය කර තිබේ.

    පරිසර ළමා සමාජ වැඩසටහන මාතර දිස්ත්‍රික්කයේ පාසල් 174 ක්‍රියාත්මක වන අතර ඒ යටතේ තුරුලතා පදක්කම් 6133 ක්, විහඟ පදක්කම් 1304 ක්, සොබා පදක්කම් 625 ක් වශයෙන් පාසල් දරු දැරියන් 8062 දෙනෙකු සඳහා පදක්කම් ප්‍රදානයකර ඇත.

    2017 වර්ෂයේ ජනාධිපති පදක්කම් ලැබූ මාතර සුජාතා බාලිකා මහා විද්‍යාලයේ එස්. භාග්‍යා දිසානායක ශිෂ්‍යාව සහ කිතලගම නැගෙනහිර කනිෂ්ඨ විද්‍යාලයේ බී.එච්.කේ. චිලංකා චතුනි ශිෂ්‍යාව ඉන්දියානු සංචාරයක් සඳහා ද එක් වූ බව ප්‍රාදේශිය පරිසර නිලධාරී ජේ.කේ. නිලන්ති මහත්මිය පැවසුවාය.

    DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya