අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපෑලේ දියුණුවට නව සැලැස්මක්

    ජනවාරි 09, 2018
    තැපැල් දෙපාර්තමේන්තුවේ සේවාවන් පුළුල් කරමින් එයින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවයක් ලබාදීම සඳහා වන නව ප්‍රතිසංවිධාන සැලැස්මක් දැන් සකස් කරගෙන යන බව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඇම්.ඩී.බී. මීගස්මුල්ල මහතා පවසයි. 
     
    අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ආර්ථික කටයුතු පිළිබඳ කොමිටියේ උපදෙස් පරිදි  සකස් කෙරෙන මෙම සැලැස්ම මඟින් තැපැල් දෙපාර්තමේන්තුව ව්‍යාපාරික කටයුතුවලට ද යොමුකොට ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට බලාපොරොත්තු වන බව රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් ලේකම්වරයා පැවැසීය.
     
    මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති මගින් ඉදිරිපත් කොට ඇති ඉල්ලීම් ගැන සඳහන් කළ මීගස්මුල්ල මහතා එම ගැටළු පිළිබඳව තැපැල්පතිවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරී කමිටුවක් විසින් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරමින් ඒවා විසදීමට කටයුතු කරගෙන බව ද කීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya