අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු කොටුව ලෝක උරුම ලැයිතුවෙන් ඉවත් කිරීමේ අවදානමක් නැහැ - ඇමති සාගල

    ජනවාරි 08, 2018
    ගාල්ල කොටුව ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්වීමේ අවධානම පහව ගොස් ඇති බවත් එයට හේතුව රජය යුනෙස්කෝ කොන්දේසි නිසි ලෙස ක්‍රියාත්මක කිරීම බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (08) ගාල්ලේ දී පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල කොටුවේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමිණි.
     
    " ගාල්ල කොටුව සජීවී ලෝක උරුමයක්. යුනෙස්කෝ සංවිධානය කොටුවේ ගෘහ නිර්මාණ ලක්ෂණ හා එහි පෞරාණික තත්ත්වය සැළකිල්ලට ගෙන මෙය ලෝක උරුමයක් ලෙස පිළිගෙන තිබෙනවා. එය ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යාම සඳහා අදාල කොන්දේසි යුනෙස්කෝ සංවිධානය විසින් ඉදිරිපත් කර තිබුණා. පසුගිය කාලයක් පුරාවට මේ කොන්දේසි කඩකරන ඉදිකිරීම් සිදු වූ නිසා ගාල්ල කොටුව ලෝක උරුම ලේඛනයෙන් ඉවත්වීමේ අවධානමක් තිබුණා. නමුත් අපේ රජය බලයට පත්වූ වහාම මේ කොන්දේසි පිළිබඳ සැළකිලිමත් වෙලා ඒවා දැඩි ලෙස ක්‍රියාත්මක කළා. දැන් ආයතන 14ක් කොටුවෙන් ඉවත්කරන්නත් සැළසුම් කර තිබෙනවා" යැයි ද කීය.
     
    "අපි ගාලු උරුමය රකින්න උත්සාහ කරන්නේ අපේ උරුමයක් ලෙස හිතාගෙනයි. දැන් මේ තියෙන විදිහට තව ටින දවසක් පැවතුණොත් පැරණි ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක් යළි ප්‍රයෝජනයක් ගත නොහැකි තත්ත්වයටම විනාශ වෙනවා. මේ දැනට නියමිත සියලු සංවර්ධන කටයුතු සිදු කරන්නේ ගාලු කොටුවේ සාමාන්‍යය ජන ජීවිතයට කරදරයක් නොවන විදිහටයි" බවත් පැවසීය.
     
    රජයක් ලෙස හරි දේ කරන බවත් දැනටමත් ලෝක උරුමයක් ලෙස ගාල්ලට අත්ව තිබූ අවධානම ඉවත්වීම අපි ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා ලෝක උරුම ලැයිස්තුවෙන් ගාල්ල හැලී ගියානම් ඒක අපේ රටට විශාල අවමානයක් වෙන්න තිබුණු බවත් වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya