අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිකිරීමට යෝජිත දෙනියාය නව රෝහල් භූමියේ නිරීක්ෂණ චාරිකාවක්

    දෙසැම්බර් 16, 2017
    ඇඳන් 500 කින් යුක්තව ඉදිකිරීමට යෝජිත දෙනියාය නව රෝහල සඳහා තෝරාගනු ලැබූ භූමිය ඊයේ (15) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය. 
     
    මෙම නව රෝහල ඉදිකිරිම පිළිබඳව ප්‍රදේශයේ මහා සංඝරත්නය දැනුවත් කිරීමද අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් එහිදී සිදුකරනු ලැබූ අතර එම අවස්ථාවට භික්ෂුන් වහන්සේලා සහ රාජ්‍ය නිලධාරීන්  පිරිසක් ද එක්ව සිටියහ.
     
    එහිදී අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශකර සිටියේ දෙනියාය ප්‍රදේශය තුළ විශාල සංවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවත් එයින් ප්‍රමුඛතම කාර්ය දෙනියාය නව රෝහල ඉදිකිරිම වන බවයි. මෙම නව රෝහල ඉදිකිරිම සඳහා පසුගිය කාලය තුළදී ස්ථාන තුනක ශක්‍යතා වාර්තා කැඳවු නමුත් එම ස්ථාන ඒ සඳහා යෝග්‍ය නොවූ බැවින් මෙම දෙනියාය හෑන්ඩ්ෆර්ඩ් වතුයායට සම්බන්ධ ඉඩමක් ඒ සඳහා යොදාගැනීමට සිදු වූ බවයි. 
     
    ඒ අනුව 2018 වසරේ මුල් කාර්තුවේදී රෝහල ඉදිකිරිම සඳහා අවශ්‍යවන ආකාරයෙන් බිම් සැකසීම සිදුකරන බවත් ඒ සඳහා මෙවර අයවැය මගින් ද මුදල් වෙන්කර ඇති බව ද සඳහන් කර සිටියේය.
     
    කඩිනමින් මෙම රෝහල ගොඩනැගීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය අමත්‍යංශය සමඟ සාකච්ජා කර මෙම රෝහලට අනුබද්ධව හෙද පුහුණු පාසලක් ආරම්භ කිරීමට කටයුතු කරන බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේය. එසේම මෙම රෝහල මුල්කරගනිමින් ඉදිරියේදී "Health Tourism" සංකල්පය විදෙස් සංචාරකයන් තුළ ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya