මෙම එක් මධ්‍යස්ථානයක් සඳහා රුපියල් මිලියන දෙකක මුදලක් වැයවී ඇති අතර මෙම පුහුණු මධ්‍යස්ථාන 14 මඟින් ප්‍රදේශයේ තරුණියන් තුන්සීයකට ආසන්න පිරිසකට සාර්ථක මැහුම් පුහුණුවක් ලබා දීමට කටයුතු කර ඇත.
මැනික්ෆාම්, සින්නසිප්පිකුලම්, පාවට්කුලම්, ආන්ඩිය පුලියන්කුලම්, සාලම්බිකුලම්, සූඩුවේන්දපුලව් යන ග්‍රාමසේවා වසම් නියෝජනය කරමින් මෙම පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කොට ඇත.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇගලුම් ආයතනය මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබා දී ඇත.
මෙම මැහුම් පුහුණු මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට උතුරු පළාත්සභා මන්ත්‍රී කේ.ජයතිලක, ඇඟලුම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මුත්තු මොහොමඩ්, අබ්දුල් බාරි ඇතුලු පිරිසක් සහභාගී වූහ.