මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අකුරැස්සේ කනහලාගම අසරණ සිව්දරු මවකට නව නිවසක්

    ජූලි 08, 2014
    මාතර, අකුරැස්සේ කනහලාගම ප්‍රදේශයේ නිවසක් නොමැතිව ඉතා අසරණව කල් ගෙවූ සිව් දරු මවක් වන එම්.ඒ. රසිකා සංජීවනී මහත්මියට අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ළමා සංවර්ධන අංශය මඟින් නව නිවසක් ඉදිකිරීමේ කට‍යුතු පසුගියදා ආරම්භ කෙරිණි. 


    මෙම නිවස තැනීම සඳහා මුල්ගල තැබීම පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 

     

    මෙම නිවස ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 10ක් පමණ වැය වෙතැයි ඇස්තමේන්තුගත කර ඇත.පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ සංකල්පයක් මත මෙම නිවස ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබාදෙනු ලබන්නේ මාතර බන්ධනාගාර රැඳවියන් විසිනි. 

     
    මෙම අවස්ථාවට අතුරලිය ප්‍රාදේශීය ලේකම් ටී.ජී. සරත් කුමාර, මාතර බන්ධනාගාර අධිකාරී ඒ.ඩබ්. සිරිදත් ධම්මික යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු රැසක් සහභාගී වූහ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya