මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොනරාගල ජංගම සේවා වැඩසටහන් 80ක් සාර්ථකව නිමාවට පත්වේ

    ජූලි 08, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් මේ දිනවල ඌව පළාත තුළ ක‍්‍රියාත්මක කරනු ලබන "ගමකින් ගමකට ගෙයකින් ගෙයකට" ජනතා සත්කාරක සේවා වැඩසටහන යටතේ මොනරාගල දිස්ත‍්‍රික්කය තුළ ජංගම සේවා 80ක් ජුනි මස අවසන් වන විට නිමාවට පත්කර ඇත. අවසන් කර ඇති ජංගම සේවා ප‍්‍රමාණය ප‍්‍රතිශතයක් ලෙස ගත් කළ 25%ක් පමණ වේ.  
     
    ශ‍්‍රී ලංකාවේ දිස්ත‍්‍රික්ක අතුරින් විශාලත්වය අනුව දෙවන ස්ථානය මොනරාගල දිස්ත‍්‍රික්කයට හිමි වේ. එම දිස්ත‍්‍රික්කය ඌව පළාතට අයත් වන අතර අයත් භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර 5,659කි. මෙම දිස්ත‍්‍රික්කය තුළ ජනගහනය 448,142ක් වන අතර ඉන් 224, 673 දෙනෙකු ස්ත‍්‍රීන්ය. 223, 469 දෙනෙකු පුරුෂ පක්ෂයට අයත්ය. ලියාපදිංචි ඡන්ද දායකයින්න්ගේ සංඛ්‍යාව 315, 452කි. මෙම දිස්ත‍්‍රික්කය මැතිවරණ කොට්ඨාස 03කින් සමන්විත වන අතර එයට අයත් ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 11ක් වේ. ග‍්‍රාමසේවා වසම් සංඛ්‍යාව 319කි.  
     
    මොනරාගල දිස්ත‍්‍රික්කයේ වෙසෙන අවශ්‍යතාවයන් සිහිත සියලුම ජනතාවගේ ගැටලු හඳුනාගනිමින් මුළු රාජ්‍ය තන්ත‍්‍රයම ගමට ගෙන යමින් ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම ජංගම සේවා වැඩසටහන හරහා සිදු කෙරේ. 
     
    මෙතෙක් පවත්වන ලද ජංගම සේවා 80 සඳහා 35,654ක පිරිසක් සහභාගී වී ඇති අතර එහිදී හඳුනාගන්නා ලද ජනතා ගැටලු සංඛ්‍යාව 38648කි. එම ගැටලු අතරින් 15,371කට එදිනම විසඳුම් ලබාදීමට හැකිවී තිබේ. මෙම ජංගම සේවා පවත්වනු ලැබූ දිනයන්හිදීම ජනතාව වෙත ලබාදෙන ලද උපකරණ සංඛ්‍යාව 270කට අධික වේ. 
     
    විවාහ සහතික ලබාගැනීම, ඉඩම් ඔප්පු සකසා ගැනීම, උප්පැන්න සහ ජාතික හැදුනුම්පත් සකසා ගැනීම වැනි රාජ්‍ය සේවා අංශයේ කටයුතු සඳහා මෙම ජංගම සේවා හරහා ජනතාවට අවස්ථාව ලබා දෙන ලදී. මොනරාගල පැවති ජංගම සේවා සඳහා සෞඛ්‍ය අංශයේ සේවාව ලබාගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටි අතර පානීය ජල ටැංකි සහ සනීපාරක්ෂක අංශයේ පවතින ගැටලු වැඩි ප‍්‍රමාණයක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.
     
    මෙම ජංගම සේවා වැඩසටහන සඳහා ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් 9,764ක් පමණ සහභාගී වී තිබුණි. පැමිණ සිටි ජනතාව තම ගැටලුවලට ලැබූණු විසඳුම් පිළිබඳ ව සතුටට පත්වන බවත් මෙවැනි වැඩසටහනක් තමන්ගේ ගමට ගෙන එමින් මේ ගෙනයන වැඩසටහන ඉතා විශිෂ්ට බවත් පැවසූහ.
     
    DB/KT
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya