සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර මහයියාවට නාගරික නිවාස ව්‍යාපෘතියක්

    ඔක්තෝබර් 08, 2017
    මහනුවර මහනගර සභා බල ප්‍රදේශයේ අක්කර 12ක පමණ භූමි ප්‍රදේශයක විසිරී පවතින මහයියාව ජනාවාසයෙහි ජීවත් වන පවුල් 1,220කට පමණ නිවාස විසඳුම් ලබා දී ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ මූලික අරමුණින් 'මහනුවර මහයියාව නාගරික නිවාස ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට ඇත.
     
    ඉතා අක්‍රමවත් ඉදි කිරීම් හේතුවෙන් සමාජයීය, ආර්ථික හා සෞඛ්‍යමය ගැටලු මධ්‍යයේ මහයියාව ජනාවාසයෙහි ජීවත් වන පවුල් 1,220ක පමණ මේ යටතේ සෙත සැලසෙනු ඇත.
     
    ඒ අනුව, මහනුවර නගර සංවර්ධන වැඩසටහන හා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මහල් නිවාස ඒකක 1,220ක් අදියර දෙකක් යටතේ ඉදි කිරීමට යෝජනා වී තිබේ. 
     
    ඒ සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමටත්, මෙම ව්‍යාපෘතිය යටතේ ඉදි කරනු ලබන නිවාසවල සින්නක්කර අයිතිය ‍මුදල් අය කිරීමකින් තොරව ප්‍රතිලාභීන් වෙත ලබා දීමටත් නියමිතය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya