සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව පිහිටුවයි

    ඔක්තෝබර් 07, 2017

    මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික ප්‍රතිපත්තිය යටතේ පිහිටුවනු ලබන මහනුවර දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව පිහිටුවීම ඔක්තෝම්බර් 10 වැනි දින පෙ.ව. 9.30 මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

    මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මතින් නිදහස් රටක් ගොඩ නැගීම අරමුණු කොට ගෙන ගෙන යන වැඩසටහන යටතේ දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමන් මෙවැනි කමිටු පිහිටවනු ලබයි. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටවනු ලබන මෙම කමිටු තුළින් තම දිස්ත්‍රික්කය තුළ නිති විරෝධි මත්පැන් නිශ්පාදනය, අලෙවිය, ප්‍රවාහනය හා භාවිතය තුරන් කිරිමේ වගකීම එම කමිටුවට පවරා තිබේ.

    මීට අමතරව අදාල දිස්ත්‍රික්කයේ සිටින මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට යොමුවීමට ඇති අවස්ථා අවම කරමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද මෙම කමිටුව වෙත පැ‍වරෙන වගකීම්ය.

    මෙම කරුණු අධීක්ෂණය කරමින් විධිමත් පරිදි පවත්වාගෙන යෑම සදහා ජනාධිපතිතුමන්ගේ මැදිහත්වීමෙන් අධ්‍යක්ෂවරයෙකු යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය නමින් විශේෂ කණ්ඩායමක් යොදවා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya