සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි තත්ත්වය තවදුරටත්

    ඔක්තෝබර් 06, 2017
    දිවයිනේ නිරිත දිග කොටසේ සහ නැගෙනහිර පළාතේ ඉදිරි දින කිහිපයේ දී පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කරයි.
     
    ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
     
    වයඹ සහ උතුරු පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
     
    නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල තරමක තද වැසි බලාපොරොත්තු විය හැකිය.
     
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට තරමක් තද සුළං ද ඇතිවිය හැකිය.
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya