සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවි සංවිධාන වෙත දෙන කොන්ත‍්‍රාත්වල වටිනාකම ඉහළට

    ඔක්තෝබර් 06, 2017
    ගොවි සංවිධාන වෙත ලබාදෙන කොන්ත්‍රාත්වල වටිනාකම් රුපියල් මිලියන 5 ක් දක්වා ඉහල දැමීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව තීරණය කොට ඇත.
     
    ඒ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවය.
     
    වාරිමාර්ග අලුත්වැඩියා කිරීම, සුළු ඇල මාර්ග සම්බන්ධ සේවාවන් ප‍්‍රවර්ධනය කිරීම ඇතුළු කාරණා වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත පැවරෙන ප‍්‍රමුඛ වගකීමකි. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මහත් බාධාවක් ව පැවතියේ ගොවි සංවිධාන වෙත ලබා දෙන කොන්ත‍්‍රාත්වල වටිනාකම රුපියල් මිලියන 2 ට පමණක් සීමා කර තිබීමයි. මෙම තත්ත්වය තුළ රුපියල් මිලියන 2 ට වැඩි වටිනාකමකින් යුතු කොන්ත‍්‍රාත් විවිධ සමාගම් හා කොන්ත‍්‍රාත්කරුවන් යටතේ සිදු කිරීම මෙතෙක් පැවැති සම්ප‍්‍රදාය වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya