මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර (SEA FOODS)අපනයනයේ වර්ධනයක්

    සැප්තැම්බර් 22, 2017
    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති ආර්ථික තොරතුරු වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර සඳහා ලොව පුරා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ මුහුදු ආහාර අපනයන ආදායමේ ඉහළ වර්ධනයක් අත් කර ගැනීමට හැකි වී ඇතැයි අනාවරණය වේ.
     
    යුරෝපා සංගමය විසින් පනවා තිබු මත්ස්‍ය අපනයන තහනම රජයේ මැදිහත් වීම මත ඉවත් වීමත් සමඟ මුහුදු ආහාර සඳහා තිබෙන ඉල්ලුම ඉහළ ගොස් ඇත. ඒ සමගම ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර අපනයනය 2017 වසරේ ගත වූ මාස 06 තුළ සියයට 40ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
     
    2016 වසරේ ජූනි මාසයේ දී මුහුදු ආහාර අපනයනයෙන් උපයන ලද ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 12.9ක් වන අතර 2017 ජූනී මාසය වන විට එය ඇමරිකන් ඩොලර් මිලියන 15.2 දක්වා ඉහළ ගොස් ඇත. (පසුගිය වසරේ ජූනී මාසය හා සැසදීමේදී 2017 ජූනී මාසයේ දි මුහුදු ආහාර අපනයන ආදායමේ වර්ධනය සියයට 17.4කි)
     
    කෙසේ වුව ද 2016 මුල් මාස 06 තුළ මුහුදු ආහාර අපනයනය මඟින් ලද ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 83.5ක් (රුපියල් මිලියන 12,612ක්) වන අතර, 2017 මුල් මාස 06 තුළ මුහුදු ආහාර අපනයනයෙන් ලද ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 117.1ක් (රුපියල් මිලියන 17,784ක්) දක්වා ඉහළ ගොස් ඇත.
     
    පසුගිය වසරේ මුල් මාස 06 සමඟ සැසඳීමේදි 2017 වසරේ ලබන ලද අපනයන ආදායම සියයට 40.3 දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
     
    මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ මුහුදු ආහාර සඳහා ලෝක වෙළදපොලේ ඇති ඉල්ලුමෙන් තවමත් අපේ රට සපයනු ලබන්නේ තුනෙන් එකක් පමණක් බවත් මුහුදු ආහාර අපනයනය ඉහළ නැංවිම සඳහා මේ වන විටත් රජය විසින් මුහුදු ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට පුළුල් වැඩපිළවෙළක් ක්‍රියාත්මක කර  තිබෙන බවත්ය.
     
    ඒ අනුව අල්ලා ගන්නා මසුන්ගෙන් සියයට 40ක් වන පසු අස්වනු නාස්තිය වැළැක්වීමට පියවර ගැනීම, නව ධීවර උපකරණ හා ධීවර යාත්‍රා හඳුන්වා දීම, නව තාක්ෂණය ධීවර ප්‍රජාවට හඳුන්වා දීම වැනි පියවර රැසක් ඒ සඳහා ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya