මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාගර ජලය රට තුළට කාවැඳීම බරපතල අර්බුදයක් - අමාත්‍ය චම්පික රණවක

    සැප්තැම්බර් 19, 2017
    2030 පමණ වන විට මුහුදේ ජීවත් වන මාළුන්ගේ බරට වඩා මිනිසා විසින් මුහුදට බැහැර කළ ප්ලාස්ටික්වල බර වැඩිවන අතර ම සාගර ජලය රට තුළට කා වැඳීම බරපතල තර්ජනයක් බවත් වෙරළ තීරය රැක ගන්න, පිරිසිදු කරන්න වසරකට වරක් නොව මසකට වරක් විධිමිත් වැඩපිළිවෙළක් දියත් කරන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය (15)දාට යෙදුණු ජාත්‍යන්තර වෙරළ සංරක්‍ෂණ දිනයට සමගාමීව දෙහිවල ගල්කිස්ස වෙරළ තීරය කසළින් තොර වෙරළ තීරයක් බවට පත් කිරිම අරමුණින් පැවති වෙරළ පවිත‍්‍රතා කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.
     
    "අද ඉතාම වැදගත් දිනයක්, සාගර දූෂණ විරෝධි දිනය. ඇල පාරවල්, දොළ පාරවල්, ගංඟා, වෙරළ තීරයන් හි ඇවිදින අය නිසාත් විශාල වශයෙන් සාගරයට පොලිතින්, ප්ලාස්ටික් වැනි නොදිරණ ද්‍රව්‍ය එකතුවීමත්, වෙනත් අපද්‍රව්‍ය එකතුවීමත් සිදුවෙනවා. විද්‍යාඥයන් මේ වන විට සොයාගෙන තිබෙනවා 2030 වන විට මුහුදේ ජීවත්වන මාළුන්ගේ බරට වඩා මුහුදට බැහැර කළ ප්ලාස්ටික්වල බර වැඩිවෙයි කියලා. එවැනි තත්වයක් හමුවේ සාගර පද්ධතියත්, අපේ ජීවන පද්ධතියත් මිය ගියහොත් එය මිනිසාට තීරණාත්මකව බලපානවා" යැයි ද කීය
     
    "එමෙන් ම ගෝලීය උණුසුම ඉහළ යාම නිසා සිදුව ඇති ප‍්‍රධාන ගැටළුවට අද මුළු ලෝකයම මුහුණ දෙමින් සිටින බවත් අධික වර්ෂාව, ඉතාම තද පෑවිල්ල මෙන්ම වැඩිය අනාවරණය නොවන නමුත් මෙය ඇත්ත කාරණයක් එනම් සාගර ජලය රටතුළට කාවැදීම".
     
    සෑම වසරකට වරක් නොව සෑම මාසයකට වරක් අපේ මුහුදු තීරය විධිමත්ව පිරිසිදු කරන වැඩපිළිවෙළක් දියත් කිරීමේ අරමුණක් පවතින බවත් ඒ අනුව  මුහුදට, ජලමාර්ගයන්ට, කැලි කසළ, මල අපද්‍රව්‍ය බැහැර කිරීම, අනෙකුත් දෙවල් බැහැර කර අපේ පරිසර පද්ධතියට, රටට කරන මහා විනාශය නවතා දැමීමට එකමුතු වන ලෙස ද සෑම පුද්ගලයෙකුගෙන්ම ඉල්ලා සිටිනවා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya