අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ශ්‍රමික සුරැකුම ජංගම සේවය" අම්පාරට

    අගෝස්තු 19, 2017
    විදේශ රැකියා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සංවිධානය කරනු ලබන "ශ්‍රමික සුරැකුම ජංගම සේවය" අම්පාර දිස්ත්‍රික් වැඩසටහන අද (19) න් ආරම්භ වේ.
     
    ඒ අනුව අද මෙම වැඩසටහන දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පදියතලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී පැවැත්වේ.
     
    හෙට (20) අම්පාර, එරගම, දමන සහ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ද, 21දා වැඩසටහන් පොතුවිල්, තුරුක්කෝවිල්, ආලයඩිවෙම්බු, අක්කරෛයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී පැවැත්වේ.
     
    එමෙන් ම 27දා වැඩසටහන් අඩ්ඩාලච්චේන, නින්දවූර්, කාරතිව්, සායින්දමරදු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලද, 28දා කල්මුනේ මුස්ලිම් හා දෙමළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇතුළු නාවිදන්වේලි හා සම්මන්තුරය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී පැවැත්වේ.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ "මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව විගමණික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ගමින් ගමට ගොස් ගැටලු සොයා බැලීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya