අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාතික රෝහලේ රුධිර පරීක්ෂණ ජාල ගත වෙයි

    අගෝස්තු 18, 2017
    කොළඹ ජාතික රෝහලේ රුධිර පරීක්ෂණ ජාල ගත කරමින් කඩිනමින් රෝගීන් වෙත වාර්තා නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කරන ලදි.
     
    ජාත්‍යන්තර වෛද්‍ය රසායනාගාර සේවාවන් වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ “කොළ රහිත සේවාවක්” ලෙසිනි.
     
    වෛද්‍යවරයාට සහ රෝගියා හෝ රසායනාගාර පාරිභෝගිකයා තම රුධිර වාර්තාව සිය පරිගණකයට, ජංගම දුරකථනයෙන් හෝ වෙබ් අඩවියට නිකුත් කිරීම වත්මන් රසායනාගාර සේවාවේ ප්‍රවණතා වෙයි. මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරිම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නව වෛද්‍ය උපකරණ රෝහල්වලට ලබා දී තිබේ. ඒ අනුව රුධිර පරීක්ෂණ ජාල ගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම කොළඹ ජාතික රෝහලෙන් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කරන ලදි. කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය රසායනාගාරය හා වාට්ටු අතර ජාලගත කිරිම සිදු කර රසායනාගාර පරීක්ෂණ නිදර්ශක වාර්තාව වෛද්‍ය පර්යේෂණ තාක්ෂණ විද්‍යාඥයින් නිවැරදි බව සනාථ කළ වහාම වෛද්‍යවරයාට හෝ වාට්ටුවේ පරිගණකයට යොමු කරයි.
     
    මේ පිළිබඳ ව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ නව වැඩපිළිවෙළ තුලින් රෝගියාට කඩිනමින් ප්‍රතිකාර කිරිමට අවස්ථාව උදාවන බවයි. කාලය, මුදල් ඉතිරිවීම මෙන්ම ගුණාත්මක සේවාවක් ද මෙමගින් ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
     
    මෙම අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ඇතුලු වෛද්‍යවරු, කාර්ය මණ්ඩලය මෙන්ම වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya