අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    20දා මධ්‍යම පළාත ම ආවරණය කෙරෙන ඩෙංගු වැඩසටහනක්

    ජූලි 18, 2017
    ඩෙංගු රෝගය පාලනය කිරිම සඳහා 20දා  මධ්‍යම පළාත ම ආවරණය වන පරිදි  පරිසරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් දියත්  කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසිය.
     
    ඒ අනුව පාසැල් සෞඛ්‍ය  ඇතුළු  සියලු ම රාජ්‍ය  ආයතන හා පෞද්ගලික ආයතන එක්ව  පරිසරය පිරිසිදු කිරිමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. 
     
    පාසල් සිසුන් ඩෙංගුවලින් ආරක්ෂාකර ගැනිමේ පියවරක් ලෙස  ආරක්ෂක අංශවල සහය ඇති ව මධ්‍යම පළාතේ සියලු ම පාසල්  හා පාසල අවට මීටර් 500ක් දුර ප්‍රමාණයක වටපිටාව පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක්  මේ වන විටත් ආරම්භ කර ඇත. 
     
     මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින්  ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. 
     
    ඩෙංගු රෝගය පාලනය කරගැනිම සඳහා පොදු ජනතාව දැනුවත් කිරිම  මෙන්ම  නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට ද අදාල අංශවලට උපදෙස් ලබාදී තිබේ. ඩෙංගු බෝ කිරිමට එරෙහිව අදාල අංශ මගින් ක්‍රියාත්මක කරන බවත්  එසේ නොවුන හොත් ඩෙංගු මදුරුවන් විසින්  පොදු ජනතාවට මරණ දඩුවම ලබා දෙනු අතැයිද  ප්‍රධාන අමාත්‍යවරයා පැවැසිය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya