අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හරිත පුණ්‍ය භූමි වැඩසටහන ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ කෙරේ

    ජූලි 14, 2017
    පූජනීය ස්ථානවලින් ඉවත් කෙරෙන කැලි කසල මනා ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන හරිත පුණ්‍ය භූමි වැඩස‍ටහනේ නියමු ව්‍යාපෘතිය අද (14) මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දී ආරම්භ කෙරුණි. 
     
    පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ‍ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර මහනුවර ශ්‍රී දළදා මාළිගාවට අද දිනයේ සිට පොලිතින් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය රැගෙන ඒම තහනම් කොට ඇති අතර, එකතු වන අනෙකුත් කසළ නිසි පරිදි කළමනාකරණය කිරීමට නියමිතය. 
     
    මහනුවර නගර සභා සීමාව තුළ දිනකට කසල ටොන් 120 ක් එක් රැස්වන අතර, දළදා මාළිගාවෙන් දිනකට කසළ ටොන් 3ක් ඊට එකතු වේ. පොහෝ දින ඇතුළු ආගමික උත්සව පැවැත්වෙන දිනවලදී එම ප්‍රමාණය ටොන් 4 දක්වා වැඩි වන අවස්ථාද තිබේ. හරිත පුණ්‍ය භූමි වැඩසටහන ක්‍රියාත්මක කිරිමෙන් පසු මෙම ප්‍රමාණය දිනකට ටොන් එක දක්වා අඩු කිරීමට හැකියාව ලැබෙනු ඇති බව දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අදහසයි.
     
    දළදා මාළිගාවෙන් ආරම්භ කෙරෙන මෙම හරිත පුණ්‍ය භූමි වැඩසටහන ඉදිරියේදී කිරිවෙහෙර සහ ශ්‍රී මහා බෝධිය යන පූජනීය ස්ථානවලද ක්‍රියාත්මක ‍කිරිමට කටයුතු යොදා ඇති බව පැවසූ ‍‍‍ෆයිසර් මුස්තෆා මහතා අනතුරුව මෙය ලංකාව පුරා සෑම පූජනීය ස්ථානයකම ක්‍රියාත්මක කරන බවද පැවසීය. 
     
    මෙම වැඩසටහන යටතේ කසළ කළමනාකරණය සඳහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණය පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ලබාදීමට කටයුතු යොදා ඇති අතර, වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය ඇතුලත් යෝජනාවලිය පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යවරයා විසින් දියවඩන නිලමේවරයා වෙත පිළිගන්වන ලදී.
     
    මෙම අවස්ථාවට මහනුවර මහනගර සභාවේ කොමසාරිස් ‍චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya