සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට පත්වූවන් සඳහා සබරගමුවේ රාජ්‍ය නිලධාරීන් වැටුප් පරිත්‍යාග කරයි

    ජූනි 04, 2017
    රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ ආපදාවන්ට ලක්වූ ප්‍රජාව වෙනුවෙන් සබරගමුව පළාත් සභාවේ සියලු මන්ත්‍රීවරු මසක වැටුප ද සියලු සේවකයින් දිනක වැටුප ද  පරිත්‍යාග කරන බව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ප්‍රකාශ කළේය.
     
    මහීපාල හේරත් මහතා මේ බව පැවසූයේ සබරගමුව පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සහ පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රත්නපුර පිහිටි සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී  පැවති විශේෂ රැස්වීමේදීය.
     
    මෙහිදී අදහස් දැක්වූ පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා සඳහන් කළේ, තමාගේ දෙමසක වැටුප සහ තම කාර්යය මණ්ඩලයේ  දිනක වැටුප ආපදාවට ලක්වූවන් වෙනුවෙන් පරිත්‍යාග කරන බවය.
     
    සබරගමුව පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සංඛ්‍යාව 44කි. එමෙන්ම සබරගමුව පළාත් රාජ්‍ය සේවය තුළ සේවක සේවිකාවන් තිස්හය දහස් හයසිය හතලිස් දෙකක් (36 642) පමණ  සේවය කරති. පරිත්‍යාග සඳහා සබරගමුව පළාත් සභාවේ සුභ සාධක අමාත්‍යංශයේ සමාජ සේවා අරමුදලේ   ලංකා බැංකුවේ රත්නපුර ශාඛාවේ 0001016339 දරණ ගිණුමට බැර කළ හැකි  බව ප්‍රධාන අමාත්‍යවරයා වැඩිඳුරටත් සඳහන් කළේය.
     
    මෙම අවස්ථාවට විපක්ෂ නායක ඩබ්. සෝමදාස, අමාත්‍යවරුන් වන රංජිත් බණ්ඩාර, භාණු මුණිප්‍රිය, අතුල කුමාර රාහුබද්ධ, ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න සහ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා යන මහත්වරුන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya