සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආපදාවට ලක්වෙයි

    මැයි 29, 2017

    මාතර දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර, නාය යෑම්, තද සුළං හා පස් කඳු කඩා වැටීම් නිසා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16හි ම පවුල් 24690ක පුද්ගලයින් 98,239 ක පිරිසක් මේ වන විට අවතැන් වී තිබෙන බව මාතර දිස්ත්‍රික් මාධ්‍ය එක්කය සඳහන් කරයි.

    මාතර, හක්මණ, පිටබැද්දර, පස්ගොඩ, දික්වැල්ල, මුලටියන, මාලිම්බඩ, දෙවිනුවර, අකුරැස්ස, කොටපොල, කිරින්ද - පුහුල්වැල්ල, කඹුරුපිටිය, තිහගොඩ, වැලිපිටිය, වැලිගම හා අතුරලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙම ආපදා තත්ත්වයන් බලපා ඇත.

    මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ මරණ 14 ක් වාර්තාවී තිබේ. අතුරුදහන් පුද්ගලයින් සංඛ්‍යාව 17 කි. එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
    පූර්ණ නිවාස හානි 65 ක්, අර්ධ නිවාස හානි 872 ක් මේ වන විට වාර්තා වේ.

    සුරක්ෂිත මධ්‍යස්ථාන 32 ක පවුල් 11838 ක පුද්ගලයින් 46358 ක පිරිසක් ලැගුම් ගෙන සිටී.

    ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහයෙන් මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ මැදිහත් වීමෙන් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

    විපතට පත් වූවන් සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම්, වියළි ආහාර ද්‍රව්‍ය, කිරිපිටි, සනීපාරක්ෂක උපකරණ, ළදරුවන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු විවිධ දෑ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා තිබෙන ආපදා සහන සේවා මධ්‍යස්ථානයට ගෙනවිත් බාරදිය හැකිය.

    විපතට පත් වූවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේ ද සහයෝගය සහිතව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශිය ලේකම් වරුන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya