අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරණායක නාය යෑමට වසරක් පිරීම නිමිත්තෙන් පිරිත් හා දානමය පිංකමක්

    මැයි 23, 2017
     
    අරණායක සාමසර කන්ද නාය ගොස් වසරක් සපිරෙන පසුගිය දා සර්ව රාත්‍රික සංඝගත පිරිත් සජ්ඣායනයක් රත්මල්ගම විද්‍යාලයේ දී පැවැත්විණි. ඉන් පසුදින එම විද්‍යාලයේ දී සියක් නමක්  විෂයෙහි සාංඝික දානමය පුණ්‍යකර්මයක් ද පවත්වනු ලැබීය.
     
    සබරගමුව පළාත් සභාව, ශ්‍රී ලංකා යුද හමුදාව, රත්මල්ගම විද්‍යාලය සහ ප්‍රදේශවාසින්  එක්ව මෙම පුණ්‍යකර්මය සිදු කෙරිණි.
     
    අරණායක සමසර කන්ද නාය යාමෙන් මිය ගිය සහ අතුරුදන්වුවන්ගේ ඥාතීන් ද  මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, අරණායක ප්‍රාදේශීය ලේකම් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ 583 වන බලකායේ බ්‍රිගේඩිය එච්. එම් අමරසේකර  යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya