නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව පළාත් ග්‍රාමීය සංවර්ධනයට දකුණු කොරියානු සහය

    මැයි 22, 2017
    දකුණු කොරියානු තානාපති රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රක්ක දෙකෙහි  අති දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරිම සඳහා දකුණු කොරියාවේ පූර්ණ සහය පළ කරන බව දකුණු කොරියානු ශ්‍රී ලංකා තානාපති වොන් සෑම් ඡාන්ග් මහතා පවසයි.
     
    ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා රත්නපුර පිහිටි සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ  පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.
     
    මේ  වන විටත් දකුණු කොරියානු රජය සහ සබරගමුව පළාත් සභාව එක්ව කෑගල්ල පිටිහුම ගම බිම්මල් ගම්මානය සහ ඇහැලියගොඩ පහලගම මැටි කර්මාන්තය ඇතුළු ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්විමේ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇත.
     
    ඒ සඳහා දකුණු කොරියානු රජය මේ වන විටත් රුපියල් ලක්ෂ 600 පමණ මුල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත.
     
    ඊට අමතරව දකුණු කොරියානු සේවකයින් හා තාක්ෂණය ද ලබා දීමට කටයුතු කර ඇත.
     
    රඹුක්කන හේවාදිවෙල ප්‍රදේශයේ දී ඉදිරියේ නව බිම්මල් ගම්මානයක් ආරම්භ කිරීමට ද මෙහි දී දකුණු කොරියානු තානාපතිවරයා එකගතාව පල කළහ.
     
    මීට අමතරව ස්වයං රැකියා, සම්ප්‍රදායික කර්මාන්ත, ධාන්‍ය නිෂ්පාදන, බෝග වගාව ඇතුළු කර්මාන්ත රැසක් ඉදිරියේ දී  සබරගමුව පළාත තුළ දකුණු කොරියානු රජය සහ සබරගමුව පළාත් සභාව එක්ව ආරම්භ කිරීමට ද මෙහිදි එකඟත්වය පල කරනු ලැබීය.
     
    මෙම අවස්ථාවට සබරගමුව පළාත්  ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, ප්‍රථම ලේකම් කියොන්ග් මී යුන්ග් මෙනවිය, අධ්‍යක්ෂ වූ හියුන් චේ, කළමනාකරු හර්ෂණ මධුරංග සහ සම්බන්ධීකාරක විරාජ් සම්පත් යන මහත්වරුන් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya