අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොමිලේ ගිලන් රථ සේවාවකට ජර්මන් සහය

    මැයි 18, 2017
    දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක් ගොඩබිමෙන් සහ ගුවනින් නොමිලේ ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජන සිදු කිරිමට ජර්මනියේ ලෝක ප්‍රකට බෙන්ස් සමාගම සහ එයාර් බස් සමාගම සුදානම් වෙයි. 
     
    ජර්මනියේ සංචාරයක නිරත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම සමාගම් සහ එරට රජයේ ආර්ථික කටයුතු සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බැංකු නියෝජිතයින් මෙන්ම ජර්මන් රජයේ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක දී මේ බව සඳහන් කොට ඇත.
     
    ස්වභාවික විපත් සහ හදිසි ආපදා තත්ත්වයක දී රෝගීන් ප්‍රවාහනය කිරිම සඳහා ජර්මනියේ එයාර් බස් සමාගම හෙළිකොප්ටර් යානා 24ක ආයෝජනයක් සිදු කිරීමට මෙහිදී පොරොන්දු විය. දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාව සඳහා ගිලන් රථ 1050ක් සහ හදිසි ආපදා රථ 240ක් ලබාදීමට බෙන්ස් සමාගම මෙහිදී පොරොන්දු වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. 
     
    ඉන්දීය රජය විසින් දැනට ශ්‍රී ලංකාවෙි ක්‍රියාත්මක කර ඇති ගිලන් රථ සේවාව මගින් ජනතාවට විශාල සේවාවක් ඉටු වෙයි. ඒ ආකාරයට ජනතාවට නොමිලයේ ගිලන් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ජර්මනිය ලබාදෙන සහයෝගය අගය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. 
     
    මෙම ආයෝජනය අඩු පොලී අනුපාතයක් යටතේ සිදුවන බවත්, එය කඩිනමින් ආරම්භ කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. මෙවැනි සේවාවක් ක්‍රියාත්මක කිරීම සඳහා මතුව ඇති අවශ්‍යතාවය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා ජර්මන් නියෝජිතයින් දැනුවත් කළ අතර, ඊට ඔවුන්ගේ ප්‍රසංසාව හිමි විය. මෙම ගිලන් රථ සේවාව සඳහා අවශ්‍ය මානව සම්පත ශ්‍රී ලාංකිකයින්ගෙන් ලබාගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය පුහුණුව ජර්මනියේ දී ලබා දීමටත් බෙන්ස් සමාගම එකඟත්වය පළ කර ඇත.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya