අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙබරවැව ජාතික පාසලට ලක්ෂ 770ක සම්පත් - නිවාස ඇමැති

    මැයි 19, 2017
    තමන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය භාරගැනීමෙන් අනතුරුව දෙබරවැව ජාතික පාසලට රුපියල් ලක්ෂ 770ක් පමණ වටිනා සම්පත් ප්‍රමාණයක් ලබා දී ඇතැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ රුපියල් ලක්ෂ 71ක් වැය කරමින් දෙබරවැව ජාතික පාසලට බස් රථයක් ලබාදීම වෙනුවෙන් පැවැති උත්සව අවස්ථාවට එක්වෙමිනි.
     
    ඒ අනුව ලක්ෂ 253ක වියදමින් නව තෙමහල් ගොඩනැගිල්ලක්, ලක්ෂ 115ක වියදමින් දෙමහල් ගුරු නිවාසයක්, ක්‍රීඩා පිටියේ ලකුණු පුවරුව ඉදිකිරීම වෙනුවෙන් ලක්ෂ 27ක්, ක්‍රීඩා පිටියේ පැවැති විකට් ඉදිකිරීම වෙනුවෙන් ලක්ෂ 16ක්, රැස්වීම් ශාලාව වටා මායිම් තාප්පයක් ඉදිකොට බිම ගල් අල්ලා කාණු පද්ධතිය සකස් කිරීමට ලක්ෂ 97ක්, පාසල් අභ්‍යන්තර මාර්ග කාපට් කිරීමට ලක්ෂ 50ක්, රංග ශාලාව නවීකරණයට ලක්ෂ 95ක් ඇතුළු තවත් සංවර්ධන වැඩසටහන් රැසක් වෙනුවෙන් මෙලෙස මුදල් ප්‍රතිපාදන ලබා දී ඇත.
     
    ඉදිරියේ දී සූරියවැව ජාතික පාසලට මෙන් ම අම්බලන්තොට ථේරිපුත්ත මහා විද්‍යාලයන්ට ද නව බස් රථ ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.
     
    ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය හරහා රටේ වැඩි මුදලක් අධ්‍යාපනයට වෙන් කරන බවත් ඒ යටතේ පාසල්වල ගොඩනැගිලි, විද්‍යාගාර, පරිගණක මධ්‍යස්ථාන, භාෂා විද්‍යාගාර හා පොදු පහසුකම් නැංවීමටත් පියවර ගෙන තිබෙන බවත් පෙන්වා දුන්නේය.
     
    එමෙන් ම ඉතිහාසයේ මෙතෙක් වෙන් නොකළ තරම් අති විශාල මුදල් ප්‍රමාණයක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට වත්මන් රජය ඇප කැප වී සිටින බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා දෙබරවැව ජාතික පාසල ඩී.ඩී. සේනානායක මුදලිතුමා නමින් නම් කිරීමට කටයුතු කරන ලෙස ද මෙහිදී ඉල්ලා සිටියේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya