මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම සැකසීම කෑගල්ලෙන් ඇරඹේ

    මැයි 18, 2017
    කෑගල්ල දිස්ත්‍රික්කයේ හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම  සැකසීමේ වැඩසටහන ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා කෑගල්ල නගර ශාලාවේදී පැවැත්විණි. 
     
    ආපදා කළමනාකරණයේ සියලු ම අවස්ථාවන් ආවරණය වන පරිදි  සහ ඊට සන්ධි වන සියළු පාර්ශවයන්ගේ කාර්ය භාරය ආවරණය වන පරිදි මෙම සැලැස්ම සකසා ඇත. මෙම ප්‍රාදේශීය  සැළැස්ම තුළ  ආපදා තත්ත්වයකදි ක්‍රියාත්මක වන සියලු ම පාර්ශවකරුවන්ගේ දුරකතන අංක හා විකල්ප සංනිවේදන ක්‍රම ඇතුලත් වන අතර එම පාර්ශවකරුවන්  සම්බන්ධ කර ගත හැකි  කාල පරිච්ජේද සඳහන් වේ.  
     
    මෙමගින් ඹනෑම අවස්ථාවක  ආගන්තුක නිලධාරියකුට පවා මෙම සැලැස්ම තුළින් තම කාර්යභාරය ඉතා කාර්යක්ෂමව හා ඵලදායිව ඉටු කිරිමේ  අවස්ථාව උදා වනු ඇත. 
     
    මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියත්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් වන්ද්‍රසිරි බණ්ඩාර, කැගල්ල ප්‍රාදේශීය ලේකම්වරුන් , ත්‍රිවිධ හමුදාවල ප්‍රධානීන් ඇතුළුව රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya