මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර කාබනික පොහොර ආදර්ශ කුඹුරු වගාවක්

    මැයි 04, 2017

    කාබනික පොහොර පමණක් භාවිතා කර ආදර්ශ  කුඹුරු වගා වැඩ සටහනක් මෙවර යල කන්නය තු< ආරම්භ කිරීමට කළුතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව කටයුතු කර තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන  වස විෂෙන් තොරව වගාකිරිමේ වැඩසටහන යටතේ මෙය  ක්‍රියාත්මක කෙරේ.

    කළුතර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන බලප්‍රදේශ 20 තුළම කුඹුරු අක්කර දෙක බැගින් ආදර්ශ වගාවන් ලෙස වගා කෙරේ.

    මේ සඳහා පාරම්පරික හා දෙමුහුන් වී වර්ග පමණක් භාවිතා කරන අතර අවශ්‍ය බීජවර්ග හා කාබනික පොහොරද  ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන මගින් සපයනු ලබයි.

    වගාකටයුතු  සඳහා ගොවීන්ට අවශ්‍ය උපදෙස් කළුතර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව  හා නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ලබාදීමට කටයුතු කෙරේ.

    රසායනික පොහොර භාවිතයෙන් ගොවීන් ඈත්කර කාබනික පොහොර භාවිතයට ගොවීන් යොමුකිරිමට රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ  ක්‍රමානුකූලව මෙවැනි වැඩසටහන් දිගටම ක්‍රියාත්මක කිරීමට කළුතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව සැලසුම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya