අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර සංඛ්‍යාලේඛන නිලධාරීන්ට ටැබ්ලට් පරිගණක

    අප්‍රේල් 30, 2017

    මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දහසයට අනුයුක්තව සේවය කරන සංඛ්‍යාලේඛන (ක්ෂේත්‍ර) නිලධාරීන්ට ටැබ්ලට් පරිගණක පිරිනැමීම මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුකෙරිණි.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතාගේ සංකර්පයක් අනුව දෙපාර්තමේන්තුව මගින් සිදුකරන සමීක්ෂණවල දත්ත එක්රැස් කිරීම ටැබ්ලට් පරිගණක භාවිතා කර සිදු කිරීමට සැලසුම්කර ඇත.

    ඒ අනුව දීප ව්‍යාප්ත සියලු ම සංඛ්‍යාලේඛන (ක්ෂේත්‍ර) නිලධාරීන්ට මෙම නව තාක්ෂණික කුමවේදය ඔස්සේ දත්ත එක්රැස් කිරීමට ටැබ්ලට් පරිගණක පිරිනැමේ.

    සමීක්ෂණය සිදුකරන මොහොතේදී ම දත්ත පරිගණකගත කරන බැවින් කාල පමාවකින් තොරව නිළ සංඛ්‍යාති ප්‍රකාශයට පත්කළ හැකි ය. ආරම්භක පියවරක් ලෙස මාසිකව සිදු කරනු ලබන ශ්‍රමබල සමීක්ෂණයට මෙම නව තාක්ෂණය යොදා ගැනීම තුළින් විරැකියාව, ශ්‍රමබල සැපයුම, රැකියා නියුක්තිය යනාදී තොරතුරු කඩිනමින් ලබා ගැනීමට හැකි බවත් මේ අවස්ථාවට සහභාගි වූ මාතර දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ එච්.ඩබ්.එම්. ජයවීර මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya