මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා සේවා සඳහා නව මධ්‍යස්ථානයක් අනුරාධපුරයට

    අප්‍රේල් 30, 2017

    මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ රැකියා සේවා මධ්‍යස්ථානයක් අනුරාධපුරයේදී විවෘත කළේ ය.

    කම්කරු හා මිනිස් බල සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත්ත කිරීම සිදු විය. තරුණ
    තරුණියන්ට රැකියා දශ ලක්ෂයක් ලබාදීමේ රජයේ වැඩපිලිවෙළ ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම රැකියා සේවා මධ්‍යස්ථානය ආරම්භ කළ බව විවෘත කිරීමෙන් පසුව පැවැති රැස්වීමේ දී අමාත්‍යවරයා පැවසීය.

    යම් කිසිවකු වත්මන් රජය විවේචනයට ලක්කරන්නේ නම් , එසේ සිදුකරන්නේ ජනප්‍රිය දේ වෙනුවට හරි දේ පමණක් ආණ්ඩුව විසින් සිදුකරන නිසා බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රට සංවර්ධනය නොවීමට ප්‍රධාන හේතුවක් වශයෙන් රාජ්‍ය සේවකයින් වැඩ කරන කාලය අඩුවීම පෙන්වා දිය හැකි බවද සමරවීර අමාත්‍යවරයා සදහන් කළේ ය.

    මෙම අවස්ථාවට රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී විය. අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක , කම්කරු හා මිනිස් බල සබදතා අමාත්‍යංශයේ ලේකම් සුනිල් අබේවර්ධන , අතිරේක දිසාපතිවරුන් වන එල් .පී. මදනායක හා කීර්ති ගමගේ යන මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya