අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව රැස්වෙයි

    අප්‍රේල් 28, 2017

    ඓතිහාසික අනුරාධපුර පූජා නගර සංවර්ධනය සඳහා වන අදහස් සාකච්ඡා කරන පුජා නගර සංවර්ධන කමිටුව ඊයේ  (27) රැස් වූ බව අනුරාපුරය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ ,මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම දෙපලාතේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචර්ය අති ගෞරවාර්හ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ සඳහා වැඩම කළහ.

    අනුරාධපුර මහ දිසාපති ආර්.එම් .වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේ දී මුලික අවධානයක් යොමු වූයේ දැනට ක්‍රියාත්මක කිරීමට යෝජිත අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳවයි. මහ නගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නන්වයි. එය මුලික වශයෙන් ප්‍රංශ ආධාර යටතේ ක්‍රියාත්මක වේ.
     
    නාගරික ජාලාපවහනය දියුණු කිරීම , ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරිම , නාගරික පොදු අවශ්‍යතා වැඩිදියුණු කිරිම මෙන්ම උරුම කළමණාකරණය සඳහා පවතින ආයතනවල ධාරිතාව වැඩි  දියුණු කිරිම යන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. අදාළ ව්‍යාපෘතිය පිළිබඳව මහා සංඝරත්නයේ අදහස් විමසිම ද මේ අවස්ථාවේදි සිදු විය.
     
    යෝජිත අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ මුලික හඳුනා ගැනීම් කටයුතු 2015 වසරේ දී ආරම්භ කළ  අතර ලබන වසරේ මුල  සිට ඉදිකිරීම් ඇරඹිමට සැලසුම් කර තිබේ. වර්ෂ 2021 දී ඉදිකිරීම් නිමා කිරීම ව්‍යාපෘති සැලසුම් කරුවන්ගේ අපේක්ෂාවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya