මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුරයට රැකියා සේවා නව මධ්‍යස්ථානයක්

    අප්‍රේල් 27, 2017

    මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ රැකියා සේවා මධ්‍යස්ථානයක් අනුරාධපුරයේදී අද (27) විවෘත කළ බව අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය  සඳහන් කරයි.

    ඒ කම්කරු හා මිනිස් බල සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ මහතා අතිනි. තරුණ තරුණියන්ට රැකියා දශ ලක්ෂයක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම රැකියා සේවා මධ්‍යස්ථානය ආරම්භ කළ බව විවෘත කිරීමෙන් පසුව පැවැති රැස්වීමේ දී අමාත්‍යවරයා කීවේ ය.

    යම් කිසිවකු වත්මන් රජය විවේචනයට ලක්කරන්නේ නම් , එසේ සිදුකරන්නේ ජනප්‍රිය දේ වෙනුවට හරි දේ පමණක් ආණ්ඩුව විසින් සිදුකරන නිසා බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රට සංවර්ධනය නොවීමට ප්‍රධාන හේතුවක් වශයෙන් රාජ්‍ය සේවකයින් වැඩ කරන කාලය අඩුවීම පෙන්වා දිය හැකි බවද සමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වූහ. අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක ,  කම්කරු හා මිනිස් බල සබදතා අමාත්‍යංශයේ ලේකම් සුනිල් අබේවර්ධන , අතිරේක දිසාපතිවරුන් වන එල් .පී. මදනායක හා කීර්ති ගමගේ යන මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya