අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරණායක නිවාස අහිමි වූවන්ට රු.මි.165 ක්

    අප්‍රේල් 26, 2017

    අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදු වූ හදිසි ආපදා තත්ත්වය යටතේ හානියට පත් නිවාස පිළිබඳ සිදු කරන ලද සංගණනයෙන් තෝරා ගත් නිවාසලාභීන් 1000 ක් සඳහා මුල්‍ය ප්‍රදාන ලබාදීම ලබන 29 දින පෙරවරුවේ දී මාවනැල්ලේ දී සිදු කෙරේ.

    මෙම මුල්‍ය ප්‍රදාන ලබාදීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන නායකත්වය ද, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

    නිවාස මුල්‍ය ප්‍රදානය කිරීමේ මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභී පවුල් 1000 ක් සඳහා ලබා දීමට නියමිත මුළු මුදල රු.මි.165 කි.

    කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya