අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජරට ආයුර්වේද වෛද්‍ය පීඨයට නවක සිසුන් බඳවාගනී

    පෙබරවාරි 22, 2017

    රජරට ආයුර්වේද රජරට  වෛද්‍ය  පීඨයට  නව  අධ්‍යන  වර්ෂය සඳහා  සිසුන්  බඳවා  ගැනීමේ සමාරම්භක උත්සවය පසුගියදා පැවැති බව අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    එහිදී බඳවාගත් නවක විද්‍යාධාරීන් 90 දෙනෙකු බඳවා ගත් අතර රජරට ආයුර්වේද පීඨයට මෙලෙස ඇතුලත් වූයේ 5 වන කණ්ඩායමයි.

    සීමිත ඉඩකඩක් තුළ අනුරාධපුර පොතානේගම ප්‍රදේශයේ  දැනට පවත්වාගෙන යන මෙම ආයුර්වේද පීඨය වෙනත් සුදුසු ස්ථානයන ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ඉතා කඩිනමින් සපුරාගත යුතුව ඇතැයි මෙම අවස්ථාවට එක්වූ උතුරු මධ්‍යම දෙදිශාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමිපාණෝ පැවසූහ. උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලි කළේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රය සඳහා දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද ඉහළ ඉල්ලුමක් පැවතියත්, ඊට සරිලන අන්දමින් දේශීය වෛද්‍ය ශාස්ත්‍රය පවත්වාගෙන යන්නට අවශ්‍ය පසුබිම තවමත් නොමැති බවයි. මෙරට අඩුම මුදලක් වැය කරන ක්ෂේත්‍ර පිළිබඳව සොයා බැලීමේදී ද බුද්ධ ශාසනයට හා ආයුර්වේද වැනි ක්ෂේත්‍ර සඳහා වෙන් කරන්නේ ඉතා අඩුම මූල්‍ය ප්‍රතිපාදන බවද පඤඤානන්ද හිමිපාණෝ පැවසූහ.

    රාජකීය පණ්ඩිත පූජ්‍ය පොතානේගම සෝමරතන හිමිපාණන්ගේ ලේඛකාධිකාරීත්වයෙන් පවත්වාගෙන යන රජරට ආයුර්වේද වෛද්‍ය පීඨයට සම්බන්ධ පංච කර්ම, මනෝවිද්‍යා, ජ්‍යෙතිෂය, රූපලාවන්‍ය වැන් පාඨමාලා හැදෑරීමේ අවස්ථාවද පවතී, එලෙස පාඨමාලා හැදෑරූ 19 දෙනෙකුට සහතික පත්‍ර ප්‍රදානයද සිදුවිය. මෙම සමාරම්භක උත්සවයට සමගාමීව, රජරට පුරවරයේ සිට දේශීය වෛද්‍ය ක්‍රමය ජාත්‍යන්තරය තුළ පවා පතල කරමින් කීර්තියක් අත්කර දුන් දේශීය වෛද්‍යවරුන් දෙදෙනෙකුට දේශකීර්ති වෛද්‍ය විශාරද සම්මානය ප්‍රදාන කරනු ලැබීය. එලෙස සම්මානයට පත්වූයේ වෛද්‍ය පී. වීරසිංහ මහතා සහ එච්. ඩී. කරුණාවතී මහත්මියයි. දේශීය ප්‍රජා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආනන්ද කීර්ති සමරනායක මහතා වෛද්‍ය විශාරද  සම්මානයට පාත්‍ර විය.

    මෙහිදී රජරට වෛද්‍ය පීඨයේ පාලක සභාව විසින් උතුරු මධ්‍යම දෙදිශාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමිපාණෝ ශාසන කීර්ති සම්මානයට පාත්‍ර කරනු ලැබූහ.

    අනුරාධපුර මහ දිසාපති ආර්. එම්. වන්නිනායක, අතිරේක දිස්ත්‍රක් ලේකම් සමන් බන්දුලසේන යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya