මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 150කි. තෙමහල් ගොඩනැගිල්ලක් වන මෙය මැලිබන් ටෙක්ස්ටයිල් ආයතනයේ සභාපති මොහොමඩ් කරීම් මහතාගේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකෙරේ. මෙහි ඉදිකිරීම් කටයුතු වසරකින් අවසන් කිරීමට නියමිතය.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පෞද්ගලික ආයතනවලින් මෙවැනි සහයෝගයන් ලැබීමෙන් සෞඛ්‍ය සේවාවන් විධිමත් ආකාරයෙන් ජනතාවට ලබාදිය හැකි බවයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.