ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මිලියන 528ක්, මහනුවර ශික්ෂණ රෝහලට මිලියන 700ක්, නැගෙනහිර කොළඹ මූලික රෝහලට මිලියන 554ක්, කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලට මිලියන 495ක්, හලාවත දිස්ත්‍රික් මහ රෝහලට මිලියන 762ක්, ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලට මිලියන 525ක්, අම්පාර දිස්ත්‍රික් මහ රෝහලට මිලියන 566ක් හා ගම්පොළ මූලික රෝහලට මිලියන 371ක් වශයෙන් වෙන් කොට ඇත.
බදුල්ල මහ රෝහලේ මිලියන 621ක් යටතේ ඉදිවන නව ඒකකය සඳහා ඇස්තමේන්තු සකස් කෙරෙමින් පවතින අතර මාතර මහ රෝහලේ මිලියන 459ක් යටතේ ඉදිවන ඒකකයේ ද මූලික කටයුතු අවසන් කර ඇත.
මීට අමතර ම යාපනය ශික්ෂණ රෝහලට මිලියන 590ක්, කළුතර දිස්ත්‍රික් මහ රෝහලට මිලියන 468ක්, පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලට මිලියන 467ක් හා කල්මුණේ උතුර මූලික රෝහල සඳහා මිලියන 372ක් මේ වසරේ දී වෙන් කොට ඇත.