නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉවතලන ෂොපිං බෑගයෙන් විසිතුරු අත්කම් නිර්මාණ.

    දෙසැම්බර් 10, 2016
     
    අද වන විට විශාල පාරිසරික ගැටළුවක් බවට පත්ව ඇති ඉවතලන පොලිතීන්වලින් සිදුවන පාරිසරික හානිය පිටු දකිමින් ඒවා ප‍්‍රයෝජනවත් කාර්යයකට යොදාගැනීමේ සාර්ථක උත්සාහයක් ඇල්ල ප‍්‍රදේශයේදී දක්නට හැකිවිය.
    ඒ ඇල්ල සන්රේ ස්වයං රැකියාලාභීන්ගේ පදනමේ සාමාජික කතුන් විසින් ඉවතලන ෂොපින් බෑග් හෙවත් සිලිමළු උපයෝගී කරගෙන අලංකාර බිත්ති සැරසිළි ඇතුළු නිර්මාණ බිහිකිරීමයි. මේ පොලිතීන් බිත්ති සැරසිළි, කුඩා මේස ඇතිරිලි ආදිය භාවිතා කිරීමෙන් ඉවතලන ෂොපින් බෑග් පරිසරයට එක්වීම වැළක්වෙන අතර ඉවතලන දෙයින් ප‍්‍රයෝජනයක් ගැනීමද නිරායාසයෙන් සිදුවේ. 
     
    මේ දිරිය කතුන් විසින් පවත්වා ගෙන යන සන්රේ සවයංරැකියා ලාභීන්ගේ පදනමේ සාමාජිකාවන් හට බදුල්ල දිස්ත‍්‍රික් කුඩාව්‍යාපාර සංවර්ධන අංශය මගින් ව්‍යවසායකත්ව පුහුණු මෙන්ම ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කාන්තා සංවර්ධන අංශය හරහා විවිධ ස්වයංරැකියා පුහුණුද ලබාදී තිබේ.                                
        
    මේ පිළිබඳව අදහස් දැක් වූ ඇල්ල සන්රේ ස්වයංරැකියාලාභීන්ගේ පදනමේ සාමාජිකාවක් වන ශ‍්‍රී කාන්ති පතිරණ මහත්මිය පැවසුවේ ෂොපිංබෑග් ආදී ඉවතලන පොලිතීන් වලින් සිදුකරන නිර්මාණයන්ට අමතරව රෙදිවලින් නිමවූ බිත්ති සැරසිළි ඇතුළු විසිතුරු නිර්මාණ, මේසරෙදි, ඇඳඇතිරිලි, කුෂන්කවර, ටේබල්මැට්, රෙදිබෑග් ආදී නිර්මාණද හඳුන්කූරු, ඉටිපන්දම් ඇතුළු නිෂ්පාදන රැසක්ද සන්රේ පදනමේ සාමාජිකාවන් අතින් නිමවන නමුත් සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට ස්ථානයක් නොවීම තමනට ඇතිවිශාලම ගැටළුව බවයි. 
     
    ප‍්‍රකට සංචාරක පුරවරයක් වන තම ප‍්‍රදේශයේ මෙවන් නිෂ්පාදන සඳහා හොඳ ඉල්ලූමක්ද ඇති බැවින් මේ සඳහා තමනටපොදුඅලෙවි කුටියක් ලබාදෙන ලෙස මේ කාන්තාවෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
     
    AP/DMU-Badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya