කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහ සේවාලාභීන්ගේ ප්‍රයෝජනය සදහා පිහිටුවා ඇති ප්‍රථමාධාර ඒකකය සදහා ප්‍රථමාධාර කට්ටල පරිත්‍යාග කිරීමක් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කුරුණෑගල රතුකුරුස සංගම් ශාලාවේ දි පැවැත්විණ.
අංශ 26 කින් සමන්විත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සෑම අංශයකම තබා ගත හැකි ආකාරයට මෙම කට්ටල සකස් කර හදිසි තුවාල , පිළිස්සුම් , තැලීම් , උලුක්කුවීම් ආදී විවිධ හදිසි අවශ්‍යතාවයන්ට ප්‍රයෝජනයට ගත හැකි ඖෂධ මෙහි ඇතුලත් කර ඇත.
AP/DMU-Kurunegala