2016/17 මහ කන්නයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර් 86,674 ක් වගා කිරීමට ඉලක්ක කෙරෙන බව කුරුණෑගල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එච්.එම්.ආර්. බංඩාර මහතා ප්‍රකාශ කරයි. මේ අනුව මහාවාරි යටතේ කුඹුරු හෙක්ටයාර 21,006 ක් ද සුලු වාරි යටතේ කුඹුරු හෙක්ටයාර 36,628 ක් ද වර්ෂාපෝෂිත යටතේ කුඹුරු හෙක්ටයාර 29,040 ක් ද වශයෙන් වගා කර ඇත. AP/DMU-Kurunegala