නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණය දිසා/මහෙස්ත්‍රාත් අධිකරණයක් බවට පත් කෙරේ

    දෙසැම්බර් 05, 2016

    නීතිඥ සංගම් හා ප්‍රදේශයේ මහ ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ විශේෂ ඉල්ලීමක් මත අධිකරණ සේවා කොමිෂන් සභාව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය දිසා මහේස්ත්‍රාත් ඒකාබද්ධ ස්ථීර අධිකරණයක් බවට පත් කර තිබෙන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

    යුක්තිය පසිඳලීමේ කාර්යභාර්යය ජනතාවගේ අවශ්‍යතාවය මත වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව ලබාදීම සඳහා අධිකරණ අමාත්‍යංශය දිවයිනේ සියලුම මහේස්ත්‍රාත්, දිසා, මහාධිකරණ, පළාත්බද අධිකරණවල සේවා කටයුතු පුළුල් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

     

    මේ යටතේ අධිකරණ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම,අලුතින් අධිකරණ සංකීර්ණ ඉදිකිරීම, දැනට ඉඩකඩ සීමිතව පවතින අධිකරණ ශාලාවල ඉඩකඩ පුළුල් කිරීම, අධිකරණ සේවා කටයුතු තොරතුරු තාක්ෂණය පදනම් කරගෙන ජාලගත කිරීම, දිවයිනේ අධිකරණ කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සේවක පිරිස් ලබාදීම පසුගිය කාලපරිච්ඡේදයේදී ඉටු කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.

     

    දිවයිනේ දැනට පවතින අධිකරණ සංකීර්ණවල අඩුපාඩු සොයා බැලීම සඳහා සෑම අධිකරණ බල ප්‍රදේශයකම අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද නීරීක්ෂණ චාරිකාවලදී නීතිඥ සංගම් අධිකරණ කාර්ය මණ්ඩල හා මහජනතාව වෙතින් ලැබෙන ඉල්ලීම හා තොරතුරු පදනම් කරගෙන අධිකරණ සේවා කටයුතු පුළුල් කිරීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya