මෙම උදා ගම්මානයෙන් ප්‍රතිලාභී පවුල් 15කට නිවාස හිමිවන අතර එක් පවුලකට පර්චස් 10බැගින් වූ බිම් කොටසක් හිමිවෙනු ඇත. මෙම ගම්මානයේ ඉදිකිරීම් අධීක්ෂණ කටයුතු නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු ඇත.
2017 වසර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දුගී දුප්පත්කම තුරන් කිරීමේ වසර ලෙස නම් කොට ඇති බවත් එහි ඉලක්කයන් සපුරාගැනීම සඳහා මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කොට ඇති බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා 2017 වසරේ දී නිවාස 500ක් ඉදිකරමින් දුප්පත්කම තුරන් කිරීමේ ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සිහින සැබෑ කරන්නට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය පෙරගමන්කරු ලෙස කටයුතු කරන බවත් කීය.
"රටේ ජාතික ආදායම 10%යි. මැදි ආදායම්රටවල ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 18ක්. නමුත් ශ්‍රී ලංකාවද මැදි ආදායම් රටක් වශයෙන් හඳුන්වනවා. මේ අනුව පෙනී යන්නේ මේ රටේ රාජ්‍ය ආදායම පිළිබඳ ව බරපතල ගැටලුවක් පවතින බවයි. ඒ නිසා බදු පනවා ඒ ආදායමින් රට සංවර්ධනය කිරීමට අනිවර්යෙන්ම සිදු වනවා" යැයි ද කීය.
කවර රජයක් බලයේ සිටියද කලින් පැවති ආණ්ඩු කාලවලදී ලබාගත් ණය සහ ඒවායේ පොලිය ගෙවීමට පවතින රජයන් බැඳී සිටින බවත් ඒ අනුව වර්තමානයේ බරපතල ආදායම් ඌණතාවක් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.