ස්වභාවික ආපදාවන් සහ ස්වභාව ධර්මයට ඔරොත්තු නොදෙන මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා ඇති වන ආපදා තත්ත්ව වලදි මහජනතාවගේ හැසිරිම හා සුදානම මෙන්ම දක්වන ප්‍රතිචාර සඵලදායී ලෙස මනා සම්බන්ධීකරණයක් තුළින් ආපදාවන් අවම කරගැනීමට සහාය කර ගැනීමේ අරමුණින් මෙම වැඩ සටහන සංවිධානය කරන ලදී.
ජාතික සුරක්ෂිතතා දිනයට සමගාමීව සංවිධානය කරන ලද මෙම වැඩ සටහනින් ආපදා අවස්ථාවක දී පැතිකඩ ගණනාවක් ඔස්සේ සිදුවන බලපෑම් පිළිබඳව අවධානය යොමුකර මෙම දැනුම්වත් කිරීම සිදු කරන ලදි. ආපදා අවස්ථාවක දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය, වගකීම හා සේවාවන් පිළිබඳව ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යඥ පී.එච්.චමින්ද ද සිල්වා මහතා කරුණු පැහැදිලි කෙරිණි.
ආපදා අවස්ථාවක දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනෙයේ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය, වගකීම හා සේවාවන් පිළිබඳව භූවිද්‍යාඥ කේ.ටී.එන්.සරෝජා මහත්මිය දැනුම්වත් කිරීම සිදුකළා ය. මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් යූ.ඒ.ඒ.පී. උබේසිරිවර්ධන මහතා ආපදා අවදානම් අවම කිරීම සම්බන්ධව දැනුම්වත් කරන ලදි. ආපදා අවස්ථාවක දී ආපදා සහන සේවා අමාත්‍යංශයේ කාර්යභාරය, වගකීම හා සේවාවන් පිළිබඳව ආපදා සහන සේවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී ඒ.පී.විදානගේ මහතා කරුණු දැක්වී ය. ආපදා තත්ත්වයක දී ඇතිවිය හැකි රෝග හා ඒවායින් වැළකීම පිළිබඳව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (ආපදා කළමනාකරණ) වෛද්‍ය එච්.එල්.එස්.චතුරිකා මහත්මිය දැන්ම්වත් කළා ය.
මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් සහභාගි වී සිටියහ.
AP/DMU-Matara