විකල්ප මාර්ගයක් ඉදිකිරිමේ දී නාගරික පදිංචිකරුවන් පීඩාවට පත් නොවිය යුතු බවත් දැනටමත් විවිධ යෝජනා රැසක් ඉදිරිපත් වී තිබෙන බවත් ඒ සියල්ල සැලකිල්ලට ගෙන හොඳම විකල්පය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දින අකුරණ නගර මධ්‍යයේ ධීවර සංස්ථාව මගින් ස්ථාපනය කරනු ලැබු මත්ස්‍ය අළෙවි සැල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
නිතර නිතර ජල ගැලීම්වලට ලක්වන නගරයක් බවට අකුරණ නගරය පත්ව ඇති අතර විශාල වශයෙන් නගර මධ්‍යයේ සිදු කරන ඉදිකිරීම් මීට බෙහෙවින් ඉවහල් වී ඇති බව ද අමාත්‍යවරයා පැවැසීය.
දැනටමත් ගැටලු රැසක් නිර්මාණය වෙමින් පවතින නගරය, සංවර්ධන කිරීම අත්‍යාවශ්‍යම වුවත් ඊට විකල්ප ඉඩම් කඩම් සොයා ගැනීම ඉතා බැරැරුම් කටයුත්තක් වී ඇති බව පෙන්වාදෙන අමාත්‍යවරයා විශ්වවිද්‍යාල මට්ටමින් මේ පිළිබඳ නිසි සොයා බැලීමක් සිදු කොට අදාළ අංශයන් සමඟ සාකච්ඡා කිරිමට තමන් පියවර ගන්නා බව ද අවධාරණය කළේය.
සමස්තයක් ලෙස ගත්කළ රට පුරා මේ වනවිට මස් අනුභව කිරිමේ අඩුවක් දක්නට ලැබෙන බවත් ඊට සෞඛ්‍යමය හේතූන් බලපා ඇති අතර මෙම වර්ෂයේ මත්ස්‍ය පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ධීවර අමාත්‍යාංශ වාර්තා තහවුරු කර තිබෙන බවද බවද පැවසීය.
පාරිභෝගික ජනතාවට ඉතා පහසුවෙන් නැවුම් සහ පහසු මිල ගණන් යටතේ මත්ස්‍ය නිෂ්පාදන ලබා ගැනීමට අවස්ථාව මෙයින් උදාවී ඇති බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
මෙම අවස්ථාවට ධීවර සංස්ථාවේ සාමාන්‍යාධිකාරී කමාන්ඩර් නිලාන් මිරැන්ඩෝ මහතා ඇතුළු ධීවර සංස්ථාවේ විශාල පිරිසක් ද එක්ව සිටියහ.