දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේඒ මහත්මිය මේ බව පැවසුවාය.
මෙම ව්‍යාපෘති අතුරින් ව්‍යාපෘති 576ක වැඩ අවසන් කර ඇති අතර ව්‍යාපෘතීන් 450ක ඉදිකිරීම් අවසන් මට්ටමේ පවතී. කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ විමධ්‍යගත අරමුදල් යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කෙරේ.
මේ යටතේ රඹුක්කන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘතීන් 211ක් ද, වරකාපොල ව්‍යාපෘති 114ක් ද, දරණියගල ව්‍යාපෘති 102ක් ද, ගලිගමුව ව්‍යාපෘති 100ක් ද වශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි ඉහත සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කෙරේ.