රජය මගින් ලබා දෙන වී සහ වෙනත් බෝග සදහා වූ සහනාධාර පොහොර ලබා ගැනීම වෙනුවෙන් මෙවර යල කන්නයේ දී කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ ඉල්ලුම් පත්‍ර 17,155 ක් ලැබුණ බව කෑගල්ල දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් කාර්යාලය සදහන් කරයි. මේ යටතේ ගොවීන් වෙත රුපියල් මිලියන 68 කට වැඩි මුදලක් ලබා දී ඇත. සුළු අඩුපාඩු සහිතව ගොවීන් ලබා දුන් අයදුම් පත්‍ර 1,957 ක් නිවැරදි කිරීම සදහා අදාළ අංශ වෙත යොමු කර ඇති බව ද ගොවිජන සේවා කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි. AP/DMU-Kegalle