නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ 5, හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණය, ඉසිපතන විද්‍යාලයට

    නොවැම්බර් 25, 2016
    කොළඹ මහ නගර සභාව යටතේ පැවති හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණය, ඉසිපතන විද්‍යාලයේ ක්‍රීඩා කටයුතු සඳහා ප්‍රදානය කිරීම ඊයේ (24) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී සිදු කෙරිණි.
     
    ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආදී ශිෂ්‍ය සංගමය අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණය ඉසිපතන විද්‍යාලයට ලබාදීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා කටයුතු කළේය.
     
    මේ අනුව, මෙතෙක් කොළඹ මහ නගර සභාව යටතේ පැවති හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණයේ පරිපාලනය, නඩත්තුව සහ සංවර්ධන කටයුතු, මහ නගර සභාව සහ ඉසිපතන විද්‍යාලය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් මඟින්, දෙපාර්ශවය විසින් ක්‍රියාත්මක කරනු ඇත.
     
    කොළඹ 5, ඉසිපතන විද්‍යාලයේ සිසුන් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ඉගෙනුම ලබන අතර මෙතෙක් විද්‍යාලයේ ක්‍රීඩා කටයුතු සිදුකර ඇත්තේ කුලියට ලබාගත් ක්‍රීඩාංගනවලින් බවත් වසර ගණනාවක සිට ශ්‍රී ලංකා රග‍්බි කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් 50 % ක් පමණ තේරීපත්වූයේ ඉසිපතන විද්‍යාලයෙන් බව ද විදුහල්පති ප්‍රේමසිරි ඈපා මහතා පවසයි.
     
    මෙම උත්සවයට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් එක්ව සිටි අතර ඊට අමතරව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්, කොළඹ නාගරික කොමසාරිස් වී.කේ. අනුර මහතා ඇතුළු මහ නගර සභාවේ නිලධාරීන්  සහ ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ප්‍රේමසිරි ඈපා මහතා ඇතුළු ආදී ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් එක්ව සිටියහ.
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya