නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විසිරි නිවාස ව්‍යාපෘතියෙන් කෑගල්ලේ 1,634 දෙනෙකුට සහන

    නොවැම්බර් 27, 2016
     
    නිවාස සංවර්ධන අධිකාරිය මගින් 2016 වර්ෂයේ දී විසිරි නිවාස වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 1,634 දෙනෙක් සදහා රු. ලක්ෂ 2,070 ක් වෙන් කර ඇති බව නිවාස සංවර්ධන අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි. 
    මේ යටතේ දැනටමත් ප්‍රතිලාභීන් 1,038 දෙනෙකුට නිවාස ඉදිකර ගෙන යාම සදහා ණය ලබා දී ඇති අතර මින් නිවාස 591 ක ඉදිකිරීම් අවසන් කර ඇත. 
     
    මෙයට අමතරව 2016 වර්ෂයේ දී කෑගල්ල දිස්ත්‍රික්කයේ ආදර්ශ ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අතර එය 2017 වර්ෂයේ දී ගම්මාන තුනක් ඉලක්ක  කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය . ඒ අනුව දෙහිඕවිට මල්දෙණියා වත්ත, වරකපොළ පැණිහෙළවත්ත, රුවන්වැල්ල ගල්ඇන්ද වත්ත කේන්ද්‍රව එම ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya