මෙම වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 15වැනි උදා ගම්මානය මෙය වුවද වත්මන් රජයේ නිවාස වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතා අයිතියට පත්වන පළමු උදා ගම්මානය වන්නේ මෙම ගම්මානයයි.
පසුගිය 2015 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උදා ගම්මාන 03ක් සහ 2016 වසරේ දී උදා ගම්මාන 23ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට තිබේ.
තමන් නිවාස අමාත්‍යවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව ලංකාවේ නිවාස අවශ්‍යතාවය පිළිබඳ ව සංගණනයක් සිදු කළ අතර මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331ක් අතුරින් 325ක නිවාස අවශ්‍යතාවය පිළිබඳ ව වාර්තා ලැබී ඇතැයි ද රටේ ජීවත්වන පවුල් ලක්ෂ 51අතුරින් පවුල් 25,36,000ක නිවාස අවශ්‍යතාවයක් පවතින බවත් මෙම උදාගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.