නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය සේවක ගැටලු විසඳීමේ ජංගම සේවය මහනුවරට

    නොවැම්බර් 24, 2016
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීමේ ජංගම සේවාවවේ හයවන අදියර 26දා මහනුවර මහරෝහල් පරිශ්‍රයේදී පැවැත්වේ.
     
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජංගම සේවාව ආරම්භ කෙරේ.
     
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන මගින් සියලු රෝහල්හි කාර්යය මණ්ඩලවල ඇති ගැටලු සඳහා තම සේවා ස්ථානයේ දී ම විසඳුම් ලබාදීමට කටයුතු කෙරෙන අතර තම සේවා කටයුතු සඳහා කොළඹ කාර්යාලය වෙත පැමිණීම අවශ්‍ය නොවේ.
     
    මෙම වැඩසටහනෙහි පළමු අදියර කුරුණෑගල මහ රෝහල දී ක්‍රියාත්මක වුණි. ඉන් අනතුරුව යාපනය, බදුල්ල, මඩකලපුව, නුවරඑළිය දිස්ත්‍රික්කයන් කේන්ද්‍ර කරගනිමින් ද ක්‍රියාත්මක වුණි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya