"නිල මෙහෙවර ජනපති ජනතා සේවය" දෙවැනි වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ අතර එහි 12 වැනි ජංගම සේවාව බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආවරණය කරමින් පැවැත්විණි. එය ගෝනගලපුර සුධර්මාකර පිරිවෙන් පරිශ්‍රය හා ගෝනගල නවෝද්‍යා විදුහල මූලික කරගෙන පැවැත්වුනු අතර එය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙම අදහස් පළකර සිටියේය.
මෙතෙක් මේ රට පාලනය කළ ආණ්ඩුවලට වඩා වෙනස් ආණ්ඩුවක් මේ වන විට රට පාලනය කරමින් සිටින බවත් කෙටි කාලයකට හෝ මේ රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ගෙනා බවත් පෙන්වාදෙන ජනමාධ්‍ය අමාත්‍යවරයා දේශපාලන වේදිකාවේදි විවිධ මතිමතාන්තර තිබූ නමුත් අද අපි කුලල් කා ගන්නා දේශපාලනය වෙනුවට විසංවාදී දේශපාලන ක්‍රියාවලියකට පිවිසි ඇති බවත් පෙන්වා දුන්නේය.
ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් මෙම නිල මෙහෙවර ජනපති ජනතා සේවය වැඩසටහන ක්‍රියාත්මක කරයි.
" හම්බන්තොට අක්කර 15000ක දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. එය 2017 ආරම්භ කරනවා. ඊට සමගාමීව බෙන්තොට දෙද්දූව සංචාරක ව්‍යාපෘතියත් ආරම්භ කිරීමට අග්‍රාමාත්‍යතුමන් උපදෙස් දුන්න. 77 ජේ. ආර්. ආණ්ඩුව කාලෙ බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය ඇතිකරල රාජ්‍ය ආයතන පිහිටුවල ඒ ප්‍රදේශය ජනාකීර්ණ වීමත් සමග දැවැන්ත සංවර්ධනයකට මුලපිරුව. අද ඒ ප්‍රදේශයේ පර්චසයක මිල අහල බලන්න. බෙන්තොට දෙද්දූව සංචාරක ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමඟ මේ ප්‍රදේශත් ඒ මට්ටමට දියුණු වෙනවා. බෙන්තොට ඇතුලු මුහුදුබඩ කලාපය දැවැන්ත සංචාරක ප්‍රදේශ බවට පත්වෙනවා. අලුතින් හෝටල් රාශියක් ඉදිවෙනවා. 2020 නැවත මැතිවරණයකට යන්නේ මේ සියලු සංවර්ධන ක්‍රියාදාමයන් ඇතිවුවාට පසුවයි" යැයි ද කීය.
ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ජංගම සේවාව ආරම්භ කළ බවත් ජනතාවගේ හදගැස්ම හොඳින්ම දන්න කෙනෙක් ලෙසින් වත්මන් ජනාධිපතිතුමා ද ඒ කාර්යය නැවත ඇති කළ බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා ඇතැම් වෙලාවට අවුරුදු ගණනාවක් ගාලු ගිහින් කොළඹ ගිහින් නිලධාරීන් පස්සෙ ගිහින් දේශපාලනඥයො පස්සේ ගිහින් විසඳගැනීමට නොහැකි වූ ප්‍රශ්න මෙම ජංගම සේවය හරහා අති විශාල ජනතා ගැටලු ප්‍රමාණයක් විසඳාගැනීමට හැකි බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, පොලොන්නරු දිස්ත්‍රික් පා.ම. නාලක කොළොන්නේ මහතා ඇතුලු දේශපාලන හා රජයේ පරිපාලන අංශයේ ප්‍රාදේශීය නිලධාරීහු රැසක් එක්වූහ.