ඒ අනුව එක් අයෙකුගේ මාසික ආදායම රුපියල් 65,000 දහස ඉක්මවා යනු ලැබේ.
උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන අඹ වගා ව්‍යාප්තියට සමගාමිව එම ගොවීන් හට වගා උපකරණ හා තාක්ෂණික උපදෙස් ලබාදීමේ රැස්වීමේ දී පසුගියදා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම ගොවින් වගා කරන අඹ කිලෝවක් රුපියල් 450ක් බැගින්, අදාල සමාගම මිලදී ගන්නා බවත්, එම අඹ වගාවෙන් අවුරුදු තුනකදී අස්වනු ලබා ගත හැකි අතර එම පලදාව අවුරුදු 15ක් 20ක් යනතුරු අඛණ්ඩව ලබා ගත හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම අඹ වගා ව්‍යාපෘතියේ ප්‍රථම අදියරේදී අක්කර 300ක අඹ වගා කෙරෙන අතර ඒ යටතේ අනුරාධපුර හා පොලොන්නරුව ගොවි මහතුන් 511 දෙනෙකු දැනට වගා කටයුතුවල නිරතවී සිටිති.
අවුරුද්දේ මාස 08 ක් පුරා පලදාව ලබාගත හැකි මෙම අඹ වගාව සඳහා පළාත් සභාව විසින් 2015 වර්ෂයේදී රුපියල් 889,995ක මුදලක්ද, 2016 වසර සඳහා රුපියල් 1,500,000 මුදලක්ද වෙන්කර දී ඇත. මේ සඳහා තාක්ෂණික උපදෙස් ලබා දෙන්නේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසිනි.