ආපදාවෙන් හානියට පත් අරණායක ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසවල පවුල් 400 ක් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මේ සඳහා රුපියල් ලක්ෂ 220 ක පමණ මුදලක් වැය කරනු ඇත.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද ( 21) පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසුරීය මහතා මේ බව පැවසීය.
පසුගියදා ආපදාවෙන් පීඩාවට පත් ජනතාව ඉලක්ක කරගෙන ඔවුන්ගේ ජීවනෝපාය වර්ධනය කිරිම මෙහි ප්‍රධාන අරමුණ වේ. ප්‍රතිලාභින් තෝරා ගැනීම ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ අධීක්ෂණය යටතේ ග්‍රාම නිලධාරීන් විසින් සිදු කරනු ඇත. ආරම්භයේදී එක් පවුලක ජීනෝපාය සංවර්ධනයට අදියර දෙකක් යටතේ රුපියල් පනස්දහසත් පනස්හය දහසක් අතර මුදලක් ලබා දෙනු ඇත. මෙම ප්‍රතිලාභීන්ගේ ජීවනෝපාය උසස් කිරිම සදහා අවශ්‍ය වෘත්තීය පුහුණු කිරිම් හා දැනුවත් කිරිම්ද මේ යටතේ සිදු කරනු ලැබේ.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මුළු වැඩසටහන සඳහාම මුල්‍ය අනුග්‍රහය ලබා දෙනු ලැබේ. මෙම අවස්ථාවට එක් වු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසුරිය මහතා ප්‍රකාශ කර සිටියේ මෙම ජිවනෝපාය වැඩසටහන ඉතාමත් වැදගත් බවය. එසේම කෑගල්ල ආපදාව ඇති වු අවස්ථාවේ සිට රතු කුරුස සමාජය දැක්වු සහයෝගය ඇගයීමට ලක් වන බව ද ඒ මහතා සඳහන් කළේය.
එක් අවුරුද්දක කාලසීමාවකට මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර මීට අමතරව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට රතු කුරුස සමාජයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කර්නල් සුදත් මඩුගල්ල , කෑගල්ල අතිරේක ලේකම් ප්‍රභාත් උදාකර , රතු කුරුස සමාජයේ කෑගල්ල ප්‍රධානී ආනන්ද උයන්ගොඩ මහත්වරු ඇතුළු ප්‍රාදේශිය ලේකම් වරු ග්‍රාමනිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.