ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන සංහිඳියා ක්‍රියාදාමයට නව අරුතක් එක් කරමින් විශේෂ වැඩසටහනක් කෑගල්ල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් විසින් පසුගියදා සිදුකරනු ලැබීය.
ජාතික සංවාද අමාත්‍යංශය සහ රාජ්‍ය භාෂා පුහුණු ආයතනය මගින් රාජ්‍ය නිලධාරීන් ඉලක්ක කර ගනිමින් දීපව්‍යාප්තව පවත්වනු ලබන දෙමළ භාෂාව ඉගැන්වීමේ වැඩසටහන මගින් කෙටි කාලීන , මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් භාෂා පාඨමාලා ක්‍රියාත්මක කෙරේ.
ඒ යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි තෝරා ගත් රාජ්‍ය නිලධාරීන් 71 දෙනෙක් පමණ මෙසේ කොටි කාලීන දෙමළ පාඨමාලා සාර්ථකව හදාරා අවසන් කරණු ලැබීය.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ අබේවික්‍රම වනසූරිය මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන පැවැත්වූ අතර , මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ ඒ මහතා පැවසූයේ මෙවැනි වැඩසටහන් සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වය ජාතික සංහිදියාව පිළිබඳ නව අදහස් නිර්මාණය වීම කෙරේ මනා පිටුබලයක් සපයන බවයි.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් උදාකර , සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද , ගුරුවරුන්, පාසල් සිසුන් , සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී වූහ.
AP/DMU - Kegalle